About අස්

ඔන්න හා හා පුරා කියලා මමත් මගේ යාලුවත් එකතු වෙලා අ.‍පො.ස. උසස් පෙල හා සා.පෙළ යාලුවන් සදහා වටින කියන බඩ්ඩක් දෙන්න හදන්නෙ.ටොපික් එක දැක්ක ගමන් ඉතින් ඔයාලා දන්නවානෙ මොකක්ද කියලා? ඔව් HTML තමයි. මේක කරන්න බුදු හෙල්ප් එකක් දෙන්නෙ අපිට ICT උගන්වන කසුන් බණ්ඩාර සර් තමයි. සර්ගේ අදහසකට අනුව තමයි අපි මේක කරන්න පටන් ගත්තෙ. මම වගේම 2012 ICT උසස් පෙළ කරන මගේ යාලුවනුත් ඒ අයට අදාල වෙන වෙන පාඩම් තියෙන බ්ලොග් හදනවා. ඔයාලගෙ අදහස් හා යෝජනා icthtml@gmail.com විද‍්‍යුත් තැපෑලට හෝ Comment එකක් දාන්න. පුලුවන් කමක් තියෙනවා නම් "අපේ මේ බ්ලොග් එක Share කරන්න පුලුවන් නම් ලොකු ‍දෙයක්"

Thursday, September 8, 2011

10.1 වෙබ් අඩවි වර්ග Type of Web sites


අපි හැමදාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා. මම ඇහුවොත් ඔයාලා දන්න වෙබ් සයිට් මොනවාද කියලා..? ඉස්සෙල්ලාම මතක් වෙන්නෙ ඉතිං Google, Facebook, Yahoo ‍වගේ එව්වා ටිකක් තමයි. එහෙම නේද? නමුත් වර්තමාණයේ එතනින් එහාට ගිය වෙබ් අඩිවි රාශියක් නිර්මාණය වෙලා තියෙනවා. මේ පාඩමින් හදුන්වලා දෙන්න උත්සහ කරන්නෙ අන්න ඒ වෙබ් අඩවි පිළිබදවයි.

විශේෂිත විෂයයක් හෝ සංවිධානයක් ගැන  තොරතුරු සොයා ගත හැකි වෙබ් අඩවි මේ වර්ගයට අයත් වේ. මෙහිදී සෘජුවම භාණ්‍ඩ විකිණිමක් සිදු නොකරන අතර බැනර් සහ දැන්වීම් දැක ගත හැකිය. මෙම වෙබ් අඩවි වල විද්‍යුත් තැපැල් ලිපිනයක් හෝ දුරකතන අංකයක් බොහෝවිට දක්නට ලැබේ.

රාජ්‍ය හා අධ්‍යාපන ආයතන වල ‍වෙබ් අඩවි මේ වර්ගයට අයත් වෙයි.

උදා: www.nie.lk
       www.gov.lk
       www.moe.gov.lk
       www.skoool.lk
       www.usasma.info

මුදල් ගනුදෙනු හෝ එවැනි කාර්යයන් සදහා සකස් කර ඇති වෙබ් අඩවි ගනු-දෙනු ආශිත වෙබ් අඩවි (transactional sites) වේ. විද්‍යුත් වානිජ්‍ය (e-commerce sites) වෙබ් අඩවි වල මෙම කාණ්ඩයට ගත හැකි අතර මේවායේ ප්‍රධාන කාර්යය භාණ්ඩ (නිෂ්පාදන) අලෙවි කිරීමයි.

උදා: www.amazon.com
       www.yahoo.com
       www.dsi.lk

භාවිත කරන්නා (ග්‍රාහකයා) සමග අන්තර් සබදතායන් පවත්වා  ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන වෙබ් අඩවි (Community sites) වේ.මේවා තොරතුරු හා මුදල් හුවමාරු පහසුකම් යන දෙකම සපයයි.

උදා: www.cometchat.com
       www.simbutch.com
       www.godaddy.com

විනෝදාස්වාදයන් ලබාදෙන වෙබ් අඩවි ක්‍රිඩා සදහා නිර්මාළුය කර ඇති වෙබ් අඩවි ද මෙම ගනයට අයත් වේ. මේවායේ මුදල් හා තොරතුරු හුවමාරුවද අඩංගු වේ.

උදා: www.onlinegames.net
       www.disney.go.com


අනෙකුත් වෙබ් අඩවි
විවිද පුද්ගලයන් තම තමන්ගේ අවශ්‍යතායන් සදහා විවිද වෙබ් අඩවි නිර්මාණය කරයි. පර්යේෂණ, කලාත්මකල පෞද්ගලිත වැනි කුමක් හෝ දෙයක් හදුන්වා දීමට භාවිත් කරයි. මෙවැනි වෙබ් අඩවි මුදල් කටයුතු කෙරහි එතරම් සැලකිල්ලක් නොදක්වයි.


උදා: මම මේ හදන එකත් ඉතිං ඒ වගේ තමයි.
       http://new-art.blogspot.com/

Gateway
තොරතුරු ලබා ගැනීමේ නොයෙකුත් ප්‍රභවවල ප්‍රධාව පිවිසුම් මාර්ගයක් වේ. නමුත් මේ ගේට්වේ කියන දෙ තවත් දෙයකට ආදාල වෙනවා. මේවා වියමව් ද්වාර (portals)ලෙස හදුන්වයි

උදා: Shopping Portals
www.amazon.com
www.ebay.com
www.buyincoins.com

www.schoolnet.lk
goverment portal: www.gov.lk

උදා: හිතන්නකො අපෙ වෙබ් සයිට් එකට ඕන උනොත් මුදල් හුවමාරු ක්‍රමයක්.  ඒ කියන්නෙ Credit Card වලින් මුදල් ගෙවන ක්‍රමයක්, අනන් ඒ අවස්ථාවෙදි අපිට ඕන වෙනවා Payment Gateway එකක්. බැංකු අතර මුදල් හුවමාරු කරගන්න. අන්න එහෙම පහසුකම් ලබා ලංකාවෙ බැංකුවලින් ලබා ගන්න පුලුවන්. එතකොට වෙබ් සයිට් එක හරහා SMS යවන්න SMS Gateway ඕන වෙනවා.

ආහ්..  ඒ වාගෙම තවත් දෙයක් කියන්න අමතක උනා. සමාජයීය වෙබ් අ‍ඩවි. වර්තමානයේ ගොඩාක් කථා කරන Social Network කියන්නෙ විවිධ රට වල සිටින පුද්ගලයින් ගැවසෙවන සහ පහසුවෙන් අලුත් යහලුවන් හදුනාගත හැකි ස්ථානයක්
උදා: www.facebook.com
       www.twutter.com
       www.operonbox.com

Wednesday, September 7, 2011

10.1 විශ්ව විසිරි වියමන www

විශ්ව විසිරි වියමන ගැන නම් අපි අහලා නෑ. නමුත් (World Wide Web - WWW) ගැන නමු ඕන කෙනෙක් අහලා තියෙනවා. නමුත් World Wide Web - WWW  කියන්නෙ විශ්ව විසිරි වියමනම තමයි. 

"විශ්ව විසිරි වියමන යනු අන්තර්ජාලය හරහා පිවිසිය හැකිවූ ද ඵකිනෙකට සම්බන්ද වූ ද, ලෝකය පුරා ඇති පරිගණක වල (Hosting Servers / WWW Servers) ගබඩා කර ඇති විද්‍යුත් ලේකණ වල විශාල එකතුවකි" 

Hosting Servers / WWW Servers කියන්නෙ ඔය අපි ‍වෙබ් සයට් යනකොට පේන පිටු ගබඩා කරලා තියෙන පරිගණක තමයි. පහල වීඩියෝ එක බලන්නකෝ කොහොමද කියලා.

මෙය අන්තර්ජාලයේ පරිගණක අතර තොරතුරු බෙදාහරින ආකාරයක් ලෙස හැදින්විය හැකිය. WWW හි නිර්මාතෘ ලෙස සවිස්ටර්ලත්තයේ ජිනීවා නුවර සර් ‍ටිම් බර්නර්ස් ලී (Sir Tim Berners Lee) සලකනු ලැ‍බේ. මෙහි ඇති වෙබ් පිටු සදහා පිවිසීමට Web Browser එකක් භාවිතා කරයි. වෙබ් අඩවියක් (Web Site) එකක් යනු වෙබ් පිටු කිහිපයකින් (Web Pages) කිහිපයකින් සමත්විත දෙයක්. ලිඛිත සටහන් (Text), පින්තූර (Pictures), වීඩියෝ (Videos) සහ අනෙකුත් බහුමාධ්‍ය (Multimedia) වලින් සමන්විත වෙබ් පිටු දැකගත හැකි අතර අධි සම්බන්ධක (hyperlinks) භාවිතයෙන් ඵ්වා අතර සැරි සැරීමට හැකිය.


 බහුමාධ්‍ය (Multimedia) යනු කුමක්ද? විවිධ මාධ්‍යන්ගෙ ඵකතුවක් ලෙස හැදින්වෙ.
උදා: 
  • පුවත්පත් (Newspapers)
  • සගරා (Magazinrs)
  • චිතපට (Films)
  • ගුවන් විදුලිය (Radio)
  • රූපවාහිනිය (Television)

ආදී සන්නීවේදන මාධ්‍යයන්ගේ එකතුවක් වේ.

අධි සම්බන්ධක (hyperlinks) යනු කුමක්ද? වෙබ් පිටු එකිනෙකට සම්බන්ධ කර ඇති ආකාරයක්. ඵ්ක එම වෙබ් අඩවියේ හෝ වෙනත් වෙබ් පිටු අතරද සම්බන්ධතාවය ලබා දිය හැකිය.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More